වෘත්තීය සමිති කිහිපයක වැඩ වර්ජන තවදුරටත්

රජයේ මිනින්දෝරුවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මකය.

ඒ අනුව වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 45ක් සපිරේ.

මේ අතර රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ කියා සිටියේ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 6 වන දිනටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 10 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් ඔවුන් දැන් ග්‍රාමීය මාර්ග පාලම් ඉදිකිරීමෙන් ඉවත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *