ගුරු – විදුහල්පතිවරු විරෝධතාවට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස්

ගුරු – විදුහල්පතිවරු විරෝධතාවයට සෙරමික් මංසන්ධියේ දී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය.

එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

විරෝධතාවය හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

වැටුප් විෂමතා මුල්කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් දියත් කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් රජයේ පාසල් 10,026 ක් අද වසා දැමීමට සිදු වූ බව ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

අද (26) මාධ්‍ය අමතමින් ජෝසප් ස්ටාලින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන වැටුප් ගැටළු සහ උත්තර පත්‍ර පරීක්ෂා ගාස්තු අාදී ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන ලෙසයි.

අද දින ආරම්භ කරන ලද වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ වෘත්තීය සමිති 30 කින් සමන්විතය.

අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් පාසල් පද්ධතියට සිදුවන බලපෑම පෙන්වා දුන් ජෝසප් ස්ටාලින් ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *