ශ්‍රී ලංකාව 2024 වසරේ මිලියන වෙනි සංචාරකයා පිළිගනියි

ශ්‍රී ලංකාව 2024 වසරේ මෙරටට පැමිණි මිලියන වෙනි සංචාරකයා පිළිගනිමින් අද (05)සුවිශේෂී සන්ධිස්ථානයක් සැමරුවේය.

ඒ් අනුව UL 504 දරණ ගුවන් යානයෙන් සිය බිරිඳ සමඟ පැමිණි අයර්ලන්ත ජාතික පෝල් රෝයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති විශේෂ උත්සවයකදී පිළිගනු ලැබිණි.

මෙම සැමරීම ශ්‍රී සංචාරක සංවර් ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා පුද්ගලික සමාගම සමග ඒකාබද්ධව සංවිධානය කරනු කළේය

2022 වසරට සාපේක්ෂව 106% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 1.4කට අධික ප්‍රමාණයක් පැමිණ ඇත.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ 2024 වසරේ සංචාරකයින් මිලියන 2ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අමාත්‍යාංශය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *