අපේ ජනපති අපේක්ෂකයා නම් කරන්න තව කල් තියෙනවා 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට තව කල් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි

කොළඹ සම්බෝධි විහාරස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

කෙසේවෙතත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසා තිබිණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තීරණය ලැබෙනකල් තමයි බලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *