ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රිය : ක්‍රීඩක ක්‍රීඩිකාවන් 355ක් අගයයි

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ජයග්‍රහණ ඇගයිම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රීය ගුවන් හමුදා රත්මලාන ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ජුලි මස 05 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ක්‍රිඩා වර්ණ රාත්‍රියේදි ක්‍රීඩාවන් 37 ක් ඇගයීමට ලක් කරන අතර මෙවර 2022 හා 2023 වර්ෂයන්හිදී දේශිය ක්‍රිඩා තරග වලදි දක්ෂතා දැක්වු ක්‍රිඩක ක්‍රිඩිකාවන් මෙන්ම ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විදේශිය ක්‍රිඩා තරග සදහා සහභාගි වෙමින් දක්ෂතා දැ ක්වු ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 355 දෙනෙකු හට එහිදි වර්ණ 555 ක් ප්‍රධානය කළේය.

මෙම වර්ණ රාත්‍රීයේදී 2022 වසර වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජූඩෝ ක්‍රීඩාව නියෝජනය කල සැරයන් චාමර ධර්මවර්ධන ෆ්ලයිටි ලෙෆ්ටිනන් ඒ වර්ථා රාසා අනුස්මරණ කුසලානය දිනාගත් අතර 2022 වර්ෂයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස බොක්ෂිං ක්‍රීඩාව නියෝජනය කල නායක ගුවන් කාන්තා සජීවනී කුරේ විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ප්‍රීයා අබේවීර ගුණවර්ධන අනුස්මරණ කුසලානය දිනාගන්නා ලදි.

2023 වසරේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස බර ඉසිලීමේ ක්‍රීඩාව නියෝජනය කල නායක ගුවන් භට මධුෂාන්ත ජයතිලක විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ඒ වර්ථරාසා අනුස්මරණ කුසලානය දිනාගත් අතර 2023 වසරේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කල සැරයන් ඕෂදී රණසිංහ විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ප්‍රීයා අබේවීරගුණවර්ධන අනුස්මරණ කුසලානය දිනාගන්නා ලදි.

ගුවන් හමුදා දක්ෂතම ක්‍රීඩා කඳවුර වෙත පිරිනමනු ලබන වර්ණන් රාජපක්ෂ කුසලානය 2022 වසරේ ශ්‍රි ලංකා ගුවන් හමුදා වීද්‍යා පීඨය චීන වරාය කඳවුර විසින් දිනා ගත් අතර 2023 වසරේ එම කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් දිනා ගත්තේය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ක්‍රිඩා කවුන්සලයේ වත්මන් සභාපති ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ඡේෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *