නොදැවී ලකුණු 195 යි : චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව එක්දින පිටියේ ඉහළම හඹායාම සම්පූර්ණ කරමින් තරගාවලිය 1 -1 ලෙස සම කිරීමට ඊයේ (17) සමත්විය.

නායිකා චමරි අතපත්තු පන්දු 139කදී නොදැවී ලබාගත් වේගවත් ලකුණු 195 හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජය පන්දුවාර පහක් ඉතිරිව තිබියදී හිමිවිය.

චමරිගේ ලකුණු 195 කාන්තා එක්දින පිටියේ ඇය ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව සහ එය කාන්තා එක්දින තරගවලදී ක්‍රීඩිකාවක් ලබාගත් තෙවැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාවද විය.

පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කාන්තා පිල පන්දුවාර 50.0කදී කඩුලු පහක් දැවී ලකුණු 301ක් රැස්කළ අතර, ලෝරා වොල්වාඩ්ට් පන්දු 147කින් වේගවත් 184ක් රැස් කළේය.

එය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාවද වේ.

මේ අතර මරිසන් කැප් පන්දු 34කින් ලකුණු 36ක් රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කවිෂා දිල්හාරි ලකුණු 47කට කඩුලු 2ක් ද, චමරි අතපත්තු ලකුණු 59කට කඩුලු 1ක් ද දවා ගත්හ.

එක්දින තරගාවලිය සම කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් T20I තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සංචාරය අවසන් වන්නේ ඔවුන්ගේ සාර්ථකම තරග සංචාරය මෙය බව පසක් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *