වෘත්තීය සමිති එකටම රස්සාව ගැන සිතිය යුතුයි

රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මේ බව කියා සිටියේ රුවන්වැල්ල රාජසිංහ විදුහලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

කෙසේවෙතත් ලබන සඳුදා වනවිට එම තදබදය අවම කරගත හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් පළමුව සිය වෘත්තීය, දෙවනුව ආයතනය, තුන්වනුව රටේ පවතින තත්ත්වය සලකා බලා තීරණ ගත යුතු බවය.

වැඩවර්ජන යනු වෘත්තීය සමිතියක් විසින් ක්‍රියාත්මක කළ යුතු පළමු ක්‍රියාමාර්ගය නොව අවසාන ක්‍රියාමාර්ග බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *