ICC වාර්ෂික සමුළුව ලංකාවේදී

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආසියානු කලාපයේ රටකදී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමුවරට බව ක්‍රිකට් ආයතන නිවේදනයේ දැක්වේ.

මෙම සමුළුව සඳහා ICC සාමාජිකයන් 108 දෙනෙකු ඇතුළු නියෝජිතයන් 220 දෙනෙකු සමුළුවට එක් වීමට නියමිතය.

අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව මෙන්ම, නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය සහ යුරෝපයෙන් ද මෙම සමුළුවට නියෝජිතයින් එක් වීමට නියමිතයි.

ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධානතම හමුව වන මෙය ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සඳහා වේදිකාවක් සකසනු ලැබේ.

මෙවර සමු‍ළුවේ තේමාව, ”ඔලිම්පික් අවස්ථාව සාක්ෂාත් කර ගැනීම”යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *