මැතිවරණය නොතිබ්බොත් ලේ වැගිරේවි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

එමෙන්ම ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහා කළහොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *