ඔක්කොම ලෑස්තියි : දිනය තමයි ඕනා

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය තැපැල්පතිවරයා මේ බව පවසා සිටියේය.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මෙහිදී කරුණු දක්වා සිටියේය.

එහිදී ඔහු පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහා ද තැපැල් දෙපාර්තමේන්තු බැඳී සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *