නිදහස් පක්ෂයේ කොළඹ සංවිධායක සජිත්ට සෙට් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙකු වූ සමන්ත පෙරේරා ඊයේ දින (04) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඔහු පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

පසුව ඔහු සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වරයෙකු ලෙස පත්කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *