ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි

කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය මැනිලා අගනුවර වෙරළට ඔබ්බෙන් පෙරළී ගොස් ඇති අතර, මෙය එරට ඉතිහාසයේ දරුණුතම තෙල් කාන්දුව වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතුරුදහන්ව ඇත.

කෙසේවෙතත් මේ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදෙයි.

පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසා සිටියේ කිලෝමීටර් 3.7 ක් (සැතපුම් 2.3 ක්) පමණ විහිදෙන තෙල් තට්ටුවක් රළ දකින්නට ඇති බවයි.

එරට මේ වනවිට පවතින දැඩි කුණාටු සහිත තත්වයන් නිසා ඉන්ධන කාන්දු වීම නැවැත්වීමට අපහසු බවත්උ එහෙත් හානිය අවම කරලීමට හැකි උපරිමය කිරීමට උත්සහා කරමින් සිටින බව පිලිපීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක රියර් අද්මිරාල් ආමන්ඩෝ බැලිලෝ පවසා ඇත.

නෞකාවෙන් රැගෙන යන ඉන්ධන සියල්ල කාන්දු වුවහොත් එය එරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම තෙල් කාන්දුව බවට පත්විය හැකි බවද ඔහු පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *