කොළඹ උද්ධමනය ඉහළ යයි

2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත. එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම 2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී වාර්තා වුයේ 1.4% ක් ලෙසය.

එමෙන්ම, 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස වාර්තාවී ඇති බවද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *