මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද(05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.

එමෙන්ම අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානින් ද කොමිසම හමුවට කැඳවා ඇතැයිද සභාපතිවරයා පවසා සිටී.

මැතිවරණ කොමිසම පැවසුවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *