අරුණ දර්ශන මීටර් 400 ඔලිම්පික් අවසන් පූර්ව වටයට

අරුණ දර්ශන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ඊයේ (04) වැනිදා පැවති මීටර් 400 මූලික වටයේ තරගයෙන් තත්ත්පර 44.99 ක දක්ෂතාවක් දක්වමින් තුන්වැනි ස්ථානයට පත්වෙමින් ය.

මෙම ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකා අරුණ දර්ශනයි.

ත්‍රිකුණාමලේ, සේරුනුවර , දෙහිවත්ත ග්‍රාමයේ උපත ලැබූ අරුණ දර්ශන පසුව මාතලේ, අකුරම්බඩ වීර කැප්පැටිපොල ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවේ ය.

අරුණ දර්ශන මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගයට හෙට(06) වැනිදා පස්වරු 11.05ට සහභගී වීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *