32ක් ඇප තියයි

ඊයේ (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ බ්‍රහස්පතින්දා නිල වශයෙන් නාම යෝජනා භාර ගන්නා බවත්, ඉදිරිපත් කිරීමට නියමිත නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒ්වා ඉදිරිපත් කිරීමට පෙරවරු 9 සිට 11.30 දක්වා කාලයක් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *