බංග්ලාදේශ සිසුන්ගේ සිහින සැබෑ කරන්න මම කැප වෙනවා – මුහම්මඩ් යූනුස්

බංග්ලාදේශ සිසුන්ගේ සිහින සැබෑ කර ගැනීමට තමා කැපවන බව බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක මුහම්මඩ් යූනුස් පවසයි.

මෙම මස මුල් භාගයේ දී බංග්ලාදේශයේ විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී එරටින් පළා යාමත් සමග අන්තර්වාර රජයක් පිහිටුවීමට බංග්ලාදේශය පියවර ගත්තේය.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම මත අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මඩ් යූනුස් පත්කිරීමට පියවර ගත් අතර එරට නායකත්වය භාර ගැනීමට මූලිකම හේතුව වුයේ තරුණ ප්‍රජාවගේ ඉල්ලීම බව ඔහු පවසා සිටියි.

එමෙන්ම ප්‍රචන්ඩකාරී ක්‍රියාවලින් ඉවත්ව කටයුතු කරන ලෙසයි මුහම්මඩ් යූනුස් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇති අතර මේ වන විට බංග්ලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *