ජනාධිපතිවරණය වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් එකසිය අසූ හය කෝටි දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක මුදලක් වියදම් කළ හැකි බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අනුව අපේක්ෂකයෙකු, ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

වියදම් කළ හැකි රුපියල් කෝටි 186ක මුදලින් සියයට 60ක ප්‍රතිශතයක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කළ හැකි වේ.

සෙසු සියයට 40 ප්‍රතිශතය ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කළ හැකි බව අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

මැතිවරණ වියදම් නියාමනය කිරිම පිළිබද අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රි නිකුත් කෙරිණි.

ඒ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනතේ 03 වන වගන්තිය යටතේ නියමයන් දක්වමින්.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් මැතිවරණය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් තුළ සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසම වෙත භාර දිය යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *