උද්දමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද දින ප්‍රකාශයට පත් කර තිබේ.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන පරිදි 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා වැඩි වී ඇත.

2024 ජූනි මාසයේ දී 1.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී තිබිණි.

එමෙන්ම, 2024 ජූනි මාසයේ දී 2.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩුවක්ද සිදු වීඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *