නවසීලන්තයේ Maori රජු මියයයි

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

ඔහුගේ රාජාභිෂේකයේ 18 වැනි සංවත්සරය සමරා දින කිහිපයකට පසු රජු හෘද සැත්කමක් සිදු කර ඇති අතර ඉන් සුවය ලබමින් රෝහල්ගතව සිටින අතරතුර මෙලෙස මියගොස් ඇත.

නවසීලන්ත ස්වදේශිකයන්වන මඕරි වාසින්ගේ රජුගේ මරණය සියලු ස්වදේශික ජනතාවට සහ සමස්ත ජාතියේ අනුගාමිකයින්ට මහත් ශෝකජනක මොහොතක් යැයි ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *