ඩුබායි යටවෙයි

වසර එකහමාරකට පමණ පසු ඇතිවුණු දරුණු වැසි තත්ත්වය නිසා එක්සත් අරාබි එමීර් රජ්‍යයට බරපතල හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම ඩුබායි නගරයට ඇද වැටුණු අධික වැසි නිසා පැය කිහිපයක් ඇතුලත ඇතිවුණු ජලගැලීම් හේතුවෙන් එහි ප්‍රධාන අධිවේගී මාර්ග සහ අන්තර් ජාතික ගුවන්තොටුපල ජලයෙන් යට වී ඇත.

වසර 1949 වසරේ දත්ත රැස්කිරීම ආරම්භ වූ දා සිට වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි වැඩිම වර්ෂාපතනයක් වාර්තා කළේ අල් අයින් හි Khatm Al Shakla ප්‍රදේශයෙන් වන අතර පැය 24 කට අඩු කාලයකදී මිලිමීටර් 254 ඉක්ම වූ වැසි ඇතිව ඇත.

මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ලොව වඩාත්ම දියුණු නගරයක් වන ඩුබායි හි වීථි ජලගැලීමට හසුව තිබුණි.

සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී තිබිණි.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකරමිනි.

ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලගැලීම් අතරතුර ජලයෙන් යටවී තිබිණි.

කෙසේ නමුත් ජල ගැලීම් මැද පවා ගුවන්ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *