කතිරය ගහලා මනාප දෙන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක, දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පවසයි.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ද අද සිදු කෙරිණි.

2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 4, 5 සහ 6 දිනයන්හිදී සිදු කිරීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුවත් කිරීමක් සිදු කරමින් මේ බව පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *