නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කෙරේ

ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවයි.

ඒ් අනුව එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් ලබන 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇත.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *