ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වීමට නියමිත තරගයට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම්කර නොමැති අතර ඒ වෙනුවට විශ්ව ප්‍රනාන්දු කැඳවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර ඇත.

දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *