ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවැනි එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වීමට නියමිතව ඇත.

චිතගොන් හි පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පසුගිය (13) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමිවුණු අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේදී ලකුණු 255 කට දැවී ගියේය.

බංගලාදේශ ඉනිම ආරම්භයේදීම ලින්ටන් දාස් ලකුණු නොලබාම දැවී ගිය අතර , සෞම්‍ය සර්කාර් දිල්ශාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ ලකුණු 3කට දැවී ගියේය.

පසුව පිටියට පැමිණි මහමුදුල්ලා සහ නායක ශැන්ටෝ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සබඳතාවයක් ගොඩනැගූ අතර නායක නජිමුල් හොසේන් ෂන්ටෝ නොදැවී ලකුණු පන්දු 129 කදී ලකුණු 122 ක් ලබා ගත් අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73 ක් ලබා ගත්තේය.

ඒ අනුව බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබාගත්තේය.

බංගලාදේශ පිල වෙනුවෙන් සොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ් ටන්සින් හසන් සකීබ් කඩුලු තුන බැගින් දවා ගත් අතර මෙහෙදි හසන් මිරාස් එක් කඩුල්ලක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිල්ශාන් මදුෂංක කඩුලු 2ක් දවා ගත් අතර ප්‍රමෝද් මදුශාන් සහ ලහිරු කුමාර අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *