iPhone 16 වෙළඳපොලට

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

ඇපල් සමාගම පැවසුවේ එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විත බවය.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

ඇපල් සමාගම නිවේදනය කළේ iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය මෙය වන බවය.

iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සිකුරාදා පෙර-ඇණවුම සඳහා සහ සැප්තැම්බර් 20 වන දින වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි බව ඇපල් සමාගම නිවේදනය කළේය.

අමෙරිකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ 52%ක පමණ ප්‍රමාණයක් අයිෆෝන් සතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *