ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාවරය යුරෝපා සංගමය දැනුම් දෙයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණු අතර යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (09) දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පිළිබඳව සාකච්ඡා වී තිබේ.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති කරුණු පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව අදාළ වාර්තාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ද ඊයේ දිනයේ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එම වාර්තාවට අනුව මෙරට සිදුවී ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *