“අල් මවාසි” අවතැන් කඳවුරට ප්‍රහාරයක්

ගාසා තීරයේ රෆා හි පිහිටි “අල් මවාසි” අවතැන් කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය නිවෙස් අත්හැර පලා ගිය පලස්තීනුවන් මෙම කඳවුරේ රැඳී සිටි බව විදෙස් වාර්තාවල දැක්වේ.

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 41,000කට ආසන්නය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *