ප්‍රංශයේ හදිසි මැතිවරණයේ පළමු වටයෙන් ජනාධිපති එමැනුවෙල් මැක්රොන්ගේ ප්රබලතම ප්රතිවාදීයා වන දක්ෂිණාංශික පක්ෂය ජයග්‍රහණය අත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (01) නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව විපක්ෂ නායිකා මැරින් ලේ පෙන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිණාංශික පක්ෂය 34% ක වැඩි ප්‍රතිශතයක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ පරාජය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැර එම මැතිවරණය කැඳවනු ලැබීය.
ජනාධිපතිවරයාගේ රෙනයිසන්ස් පක්ෂයට පළමු වටයේදී ලැබී ඇත්තේ 20.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවත්, වාමාංශික පක්ෂ එකමුතුව 29% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපති මැක්රොන් අබිබවා ගිය බවත් වැඩිදුරටත් වාර්තා වේ.
දෙවැනි වටයේ ඡන්ද විමසීම ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය.