පැරාලිම්පික් රිදී පදක්කම දිනූ සමිත දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ලිම්පික් ක්‍රීඩා තරගාවලියෙදී රිදී පදක්කම දිනූ සමිත දුලාන් ඊයේ (10) දිවයිනට පැමිණියේය.

ඔහු මෙම තරගාවලියේ F 64 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබූ අතර ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

සමිත නියෝජනය කරපු F44 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර් තා කළ අතරම, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් තමන්ගේම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *