සත් මසක දරු ගැබක් එක්ක තරග බිමට ආ ෆෙන්ස් ක්‍රීඩිකාව  

වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය.

“ඔබට තරග බිමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෙස පෙනුනත් ඇත්තටම එම තරග බිමේ තිදෙනෙක් සිටියා ! ඒ තමයි, මගේ තරඟකරු සහ අපේ ලෝකයට තවම පැමිණ නැති, පුංචි බබා!

මම මේක ලියන්න අදහස් කළේ අවසන් තරගකරුවන් 16 දෙනා අතර මගේ නම තහවුරු කළා කියන අභිමානයත් එක්ක. හෆීස් ඇගේ සමාජ මාධ්‍ය පිටුවේ ලියා තිබිණි.

හෆීස් ෆෙන්ස් කාන්තා කේවල ඉසව්වේ පළමු වටයේදී ඇමරිකානු එලිසබෙත් ටර්ටකොව්ස්කි ලකුණු 15-13ක් ලෙස පරාජය කළේය.

අනතුරුව ඇය 16 දෙනාගේ වටයේදී දකුණු කොරියානු ක්‍රීඩිකා ජියෝන් හයොං හමුවේ ලකුණු 15-7ක් ලෙස පරාජයට පත් වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *