වැටුප් වර්ධක ඉල්ලා බංගලාදේශයේ සේවකයෝ වීදි බසිති

බංග්ලාදේශයේ ප්‍රධානතම විදේශ විනිමය උත්පාදනය කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ අර්බුදයකට ද පසුගිය සඳුදා සිට රජය මුහුණ පා සිටින බව වාර්තා වේ.

මේ තත්ත්වය උද්ගත වූයේ පසුගිය සඳුදා ඩකා අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා රැසක වැඩ වර්ජනයක් ආරම්භ වීමත් සමඟයි.

වැටුප් වර්ධක, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරමින් ඇඟළුම් සේවක සේවිකාවන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් බංග්ලාදේශයේ ඩැකා අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් ආයතන 79ක් පෙරේදා වසා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක වැඩ වර්ජන ආරම්භ කරනු ඇති බවට වූ අවදානම මත ඊයේ (10) එම ඇඟලුම් කර්මාන්තශාලාවලට නිවාඩු ලබාදීමට හිමිකරුවන් පියවර ගෙන තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *