අනධ්‍යන සේවක වර්ජනයට දින 29 යි

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව අද 29 වන දිනටත් ක්‍රියාත්මකය.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ ඒකාබද්ධ කැදවුම්කරු ධම්මික එස් ප්‍රියන්ත කියා සිටියේ ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි.

තීරණාත්මක ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අනධ්‍යන සේවකයින් 15,000කට අධික පිරිසක් වර්ජනයක් ආරම්භ කළේය.

ගිවිසගත් මාසික දීමනාව සහ 2016 වසරේ ක්‍රියාත්මක වූ සියයට 15 ක වැටුප් අඩු කිරීම ඊට ඇතුළත් ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *