අනුරගේ පුටුවට ලක්ෂ්මන් නිපුනආරච්චි..?

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි පත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවයි.

අනුර කුමාර දිසානායකගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *