ඩේවිඩ් වෝනර් බොලිවුඩ් සිනමාවට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හි යාරා ගඟ දිගේ චිත්‍රපට රූගත කිරීමකට එක් වී තිබේ.

37 හැවිරිදි වෝනර් හැඩකාර සුදු කමිසයකින් සැරසී ඉන්දියානු චිත්‍රපටයක ත්‍රාසජනක භූමිකාවක් රූගත කිරීමක් සඳහා මෙලෙස සහභාගි වී ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

1970 දශකයේ රූපවාහිනි නාට්‍යයක සිටි කොජැක් නම් රහස් පරීක්ෂකයෙකුගේ විලාසිතාවකින් ඔහු සැරසි සිට ඇත.

ඔහු මැෂින් තුවක්කු සහිතව ගැටුමක් රඟ දක්වනු ද දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

එම චිත්‍රපටය PUSHPA 2 විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වන PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරට පැමිණෙමින් පවතින බව වාර්තාවේ. එය දෙසැම්බර් 6 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වී දැනට වසර කිහිපයකි.

වෝනර් බොලිවුඩ් සිනමාවට ආගන්තුකයෙකු නොවන අතර මෑතකදී දැන්වීමක පවා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *