කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

දෙවැනි තරගයට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ. ඒ් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව වීමත් සමගිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *