තායිවානයේ පැය 24 ක් තුළ භූ කම්පන 80ක්

තායිවානයේ තායිපේ අගනුවර කේන්ද්‍ර කරමින් පෙරේදා මැදියම් රැයේ සිට ඊයේ අලුයම දක්වා භූ කම්පන 80කට අධික ප්‍රමාණයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගල හානි වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසකට සුළු හානි සිදු වී ඇතැයි පැවසේ.

විදෙස් වාර්තා අනුව තායිපේ නුවරට දකුණින් පිහිටි හුවාලියන් නගරයේ සිදු වූ රිච්ටර් මාපකයේ 6.3ක අගයක් ගත් භූ කම්පනය ඒ අතුරින් විශාලතම භූ කම්පනය ලෙස වාර්තා වන අතර, භූ කම්පන 15කට ආසන්න ප්‍රමාණයක් රිච්ටර් මාපකයේ 4.5 කට වැඩි අගයක් ගෙන ඇත.

භූ කම්පනමාලාවෙන් පසු අතුරු කම්පන 200කට වැඩි සංඛ්‍යාවක් සිදු වී ඇත.

එමෙන්ම ඉතා ජනාකීර්ණ ප්‍රෙද්ශයක් වන හුවාලියන් නුවර විශාල ගොඩනැඟිල්ලක් එක් පසෙකින් ඇල වීම හේතුවෙන් එහි සිටි පිරිස ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

හුවාලියන් නුවර අප්‍රේල් 03 වැනිදා ඇති වූ රික්ටර් මාපකයේයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් දාහත් දෙනෙකු මිය ගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

එය වසර 25 කට පසු සිදුවූ විශාලතම භූකම්පනය ලෙස එරට මාධ්‍ය වාර්තා කර ඇත.

වසර 2016 දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර 1999 දී ඇතිවූ රික්ටර් පරිමාණයේ 7.3 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *