දෛනික විදුලි ඉල්ලුම ඉහළට

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

පවතින වියළි කාලගුණය හමුවේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසන්නේ මෙම දිනවල ජල විදුලි උත්පාදනය 21% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව 83% ක් බව ඔහු පෙන්වා දෙනු ලැබුවේය.

සූර්ය බලයෙන් 4.5% ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන අතර සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව 5% ක් වේ.

64% ක්ම විදුලිය ජනනය සිදු කරනු ලබන්නේ තාප බලාගාර හරහා ය.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *