රේගුවට සීටී ස්කෑන් යන්ත්‍රයක්

රුපියල් කෝටි 14 මුදලක් වැය කරමින් මාතර රෝහල සඳහා ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රයක් මාස දෙකක් පුරා රේගුවේ රඳවා ගෙන සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් ද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සමස්ත දිවයිනේම තිබෙන්නේ සී ටී ස්කෑන් යන්ත්‍ර 44 ක් පමණක් බවත් එයින් ද යන්ත්‍ර හයක් මේ වන විට අක්‍රීය වී ඇති බවය.

කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ මෙම සීටී ස්කෑන් යන්ත්‍රය සම්බන්ධයෙන් අසාධාරණ රඳවා ගැනීමේ බද්දක් පනවා තිබූ අතර එම බද්ධ නිදහස් කර දෙන ලෙස වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවය.

එමෙන්ම අදාල බද්ද ඉවත් කර ගැනීමෙන් අනතුරුව සීටී ස්කෑන් යන්ත්‍රය නිදහස් කර ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *