අගමැති මෝදි මුහුදු පතුලට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වා තිබේ.

හින්දු විශ්වාසයට අනුව ද්වාරකා නගරය ක්‍රිෂ්ණා දෙවියන්ගේ පූජණීය නගරය ලෙස සැලකෙන අතර මෙම පුරාණ පූජණීය නගරය මුහුදේ ගිලී ගිය බව හින්දූන විශ්වාස කරති.

කෙසේ වුවද මෙම ද්වාරකා පූජණීය නගරයේ යැයි විශ්වාස කෙරෙන නටබුවන් ද්වාරකා වෙරළ තීරයට ඔබ්බෙන් පුරා විද්‍යාඥයන්ට විසින් සොයාගන්නා ලදී.

ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් ද පිරිවරා ගෙන, ඔක්සිජන් ටැංකි ආධාරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම නටබුන් ඇති මුහුදු පතුළට කිමිඳී ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වා ඇති අතර එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *