තේ වේලෙයි

මාසය හයකට අධික කාලයක් පැවැති වර්ෂාව හා මාසයකට අධික කාලයක් පැවැති වියළි කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියෝ පවසති.

මේ වන විට කුඩා තේ ඉඩම්වල තේ දළු ඵලදාව ද ඉතා සීඝ්‍රයෙන් පහත වැටීම නිසා තේ දළු නෙලන්නියන් ද දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

නිල්වලා ගඟේ ලවන බාධකය හේතුවෙන් ජලය බැස නොයෑම නිසා තේ ගස් විනාශ වෙද්දී පොහොර ගැටළුවත් අධික වියලි කාලගුණයත් නිසා ඉතා සීඝ්‍රයෙන් තේ ගස් විනාශ වී ගොස් ඇති අතර දළු අස්වැන්න අඩුවීමෙන් දළු නෙලන්නන්ට දෛනික කුලී ගෙවීමට නොහැකි වී ඇති බව කුඩා තේ ඉඩම් හිමියකු වන අකුරැස්ස පරදුව ඥාණසිරි සමරවික්‍රම පැවසුවේය.

දිනපතා රැකියාව කළ තමාට දැන් සතියකට එක් දිනක වරුවකට රැකියාව සීමා වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජනජීවිතයට බාධා එල්ල වී ඇති බවද ජීවත් වීමට තිබූ එකම ආදායම් මාර්ගය නතර වී තිබියදී සමෘද්ධි හා අස්වැසුමත් නතර කිරීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඇතැයි තේ දළු නෙලන්නියක වන නාලනී ලියනගේ කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *