විස්සයි විස්සට ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත් වෙයි

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව ඇති අතර කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගට හිමිව ඇත.

එහෙත් වනිඳුට ඇෆ්ග­නි­ස්තා­නය සමඟ පැවති තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව තරග දෙකක තහ­න­මක් පැන­වීම හේතු­වෙන් බංගලාදේශයට එරෙහි මුල් තරග දෙකේදී ඔහු වෙනුවට කණ්ඩායමට පා දඟපන්දු යනව ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ එක්කොට තිබේ.

වැන්ඩර්සේ මෙම තරගාවලියට එක් වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි.

එමෙන්ම පසුගිය ඇෆ්ගනිස්තාන තරගාවලිය අතරතුර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයට ලක්වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු කැඳවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇති අතර චරිත් අස­ලංක මුල් විස්සයි විස්ස තරග දෙකේදී වැඩ බලන නාය­කයා ලෙස කට­යුතු කරනු ඇත.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලා­දේ­ශය­ සමග පූර්ණ තරග සංචා­ර­ය­කට එක්වන අතර ඊට විස්සයි20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතු­ළත්ව තිබේ.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 සහ 9 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *