පැතුම්ට SLC වෙතින් සල්ලි මල්ලක්..!

එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව පසුගියදා රැස් වුණු අතර පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස මෙලෙස මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී ඇත.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීමට පැතුම් නිශ්ශංක සමත් විය.

වසර 2000දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා පිහිටුවා තිබූ එක්දින වැඩිම ලකුණු වාර්තාව මකා දමමින් පැතුම් නිශ්ශංක පන්දු 139කදී හයේ පහර 8ක් හා හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *