ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද (13)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොංහි දී අද (13) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ බංග්ලාදේශ සමග පැවැති 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත් පසුබිමකයි.

එක්දින තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) එළිදැක්විය.

එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළ අතර නායකත්වය සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර උපනායකයා ලෙස චරිත් අසලංක එක් වේ.

එමෙන්ම අසිත ප්‍රනාන්දු සහ ෂෙවෝන් ඩැනියෙල් වෙනුවට ළහිරු කුමාර සහ කමිඳු මෙන්ඩිස් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරග 54ක් පවත්වා ඇති අතර ඉන් තරග 42ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර බංග්ලාදේශය ජය ලබා ඇත්තේ තරග 10ක් පමණි.

එමෙන්ම ශ්‍රී ලංකාව බංග්ලාදේශය තුළදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග මේ දක්වා එක්දින තරග 20ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 16ක් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

බංග්ලාදේශය සිය මවුබිමේදි ශ්‍රී ලංකාවට එරෙහිව ජයගෙන ඇත්තේ තරග 6ක් පමණක් වේ.

ශ්‍රී ලංකා පිල චිතගොං ක්‍රීඩාංගණයේ මෙලෙස එක්දින තරගයට එක්වන්නේ වසර 18කට පසුව වීමද විශේෂත්වයක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *