ඇන්ඩර්සන් පිටියට සමුදෙන්න යයි

එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔහු මේ බව නිවේදනය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

ඒ අනුව ජුලි 10 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඓතිහාසික ලොර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතය.

2003 වසරේ මැයි මාසයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් ඇන්ඩර්සන් ටෙස්ට් තරග 187කදි කඩුලු 700ක් ලබාගෙන සිටියි.

සිය ෆේස්බුක් ගිණුමේ සමුගැනීම පිළිබඳ සටහනක් තබමින් ඇන්ඩර්සන් පවසා තිබුණේ තමන් සිය රට නියෝජනය කළ වසර 20ක කාලය පුරා තමන්ට සවියක් වූ පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සහ පවුලේ සියලු දෙනාට මෙන්ම ක්‍රීඩාලෝලීන්ටද ස්තිතුවන්ත වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *