උඩින් ගිය ණය රජය අය කර ගන්න යයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් වෙත ගෙවීමට තිබූ ණය ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමට අනුමැතිය හිමි වී ඇත.

එක්සත් ජනපද ඩොලර් මිලියන 210ක සහ රු. බිලියන 31.4ක ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමට ගත් තීරණය 2024 මාර්තු 04 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය විසින් නිවේදනය කර තිබේ.

එහිදී ලංකා බැංකුවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 105ක සහ රු. බිලියන 12.9ක ණය ප්‍රමාණයක් ද, මහජන බැංකුවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 105ක සහ රු. බිලියන 18.5ක ණය ප්‍රමාණයක් ද රජය වෙත පවරා ගැනීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *