නීතිඥ සංගමයෙන් ජනපති අනුරට ලිපියක්

2024 සැප්තැම්බර් 21 වැනි දින පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කර තිබේ.

ශ්‍රී ලංකා BASL ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සුරක්‍ෂිත කිරීමට, සංස්කෘතිය වෙනස් කිරීමටත් ජනවරමක් ලබාදුන් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවන් ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම ජනවාර්ගික භේදයකින් තොරව පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ස්ථාපිත කරමින් සියලු ජනතාවට එකසේ සලකන ශ්‍රී ලංකාවක් සඳහා ජනාධිපතිවරයා පදනම දමනු ඇති බවට විශ්වාස කරන බවද එම නිවේදනය මගින් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *