නැව හැප්පුන නිසා බඩු ගැන දැනගත්තා – සජිත්

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

එම පරීක්ෂණය මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ නැව පාලමේ හැප්පුනේ නැතිනම් එහි තිබූ භාණ්ඩ ගැනද දැනගැනීමට නොහැකි වනුඇති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වහාම විදිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *