පොලිස්පති පත්කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර කළේය.

පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවට පෙත්සම්කරුවන් කියා සිටියි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අදාළ පත්කිරීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා තිබේ..

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *