ප්‍රධාන රෝහල් කිහිපයක් ඉදිරිපිට වෛද්‍යවරු උද්ඝෝෂණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උද්ඝෝෂණ මාලාවක් අද (05) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අදාළ උද්ඝෝෂණ කොළඹ ජාතික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සහ පානදුර රෝහල ඉදිරිපිටදී දහවල් 12 සිට පස්වරු 2 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ, සිය වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව ගනු ලබන විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගවලට එරෙහිවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *